අනුරාධපුරයේ ඤාණක්කාගේ හෝටල් හදන්නට යෙදවූ හමුදා සෙබලු ගැන අනුර පාර්ලිමේන්තුවේ දී විමසයි….

මේ සෙබලුන්ට හරියට කෑම ටික දෙන්න.... ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී...

තමන්ගේ සාත්තර ජප කරන අනුරාධපුරයේ ඤාණක්කාගේ හෝටලයක් හැදීම සඳහා හමුදා සෙබලුන් යොදවා ගැනීම සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (03) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

ගෞරවනීය ජාතික වගකීමක් කළ මෙම හමුදා සාමාජිකයන්ගේ ගෞරවය විනාශ වන ආකාරයට පුද්ගලික හා දේශපාලනික ව්‍යාපෘතිවල යෙදවීම නවත්වන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.


අපේ පහළ හමුදා සොල්දාදුවන් විශාල ලෙස  පීඩාවට පත් වෙලා තියනවා. සමහර දේශපාලනික ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් යොදවනවා. සමහර පුද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් ඔවුන් යොදවනවා.

මා දන්නා පරිදි ඤාණක්කාට සම්බන්ධ හෝටලයක් හැදීමට පවා හමුදා නිලධාරීන් යවා තිබෙනවා.

හමුදා නිලධාරීන් තමන්ගෙ සාත්තර ජප කරන කෙනෙකු ගාවට යවනව ද එයාගෙ හෝටල් හදන්න. මොකක් ද මේ හමුදාවට දීලා තියන තැන.

ඒ නිසා චමල් රාජපක්ෂ ඇමති තුමනි. ඔබතුමා මේ ගැන සැලකිල්ලක් කරන්න. මං අවශ්‍ය සාධක දෙන්නම්. තවත් ව්‍යාපෘතිවලට හමුදා නිලධාරීන් යවනවා.

මේ පහළ හමුදා සොල්දාදුවන් විවිධ දේශපාල ව්‍යාපෘතීන් සහ පුද්ගලික ව්‍යාපෘතීන්වල යෙදවීම නතර කරන්න.

ඔවුන් යම් ගරුත්වයක් සහිත වැඩ කොටසක් මේ රටට කරලා තියනවා. ඒ ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න ඕන කරලා තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම මම දැක්කා ෆොන්සේකා මැතිතුමා ඔවුන්ගේ ආහාර වේල ගැන කිව්වා. අපටත් හමුදා සෙබලු බොහෝ සංඛ්‍යාවක් කතා කරනවා මේ ගැන.  මම හිතනවා ඒ සම්බන්ධවත් ආරක්ෂක ලේකම් තුමා   තමන්ගෙ අවධානය යොමු කරයි කියලා…

Exit mobile version