අනුමැතියක් දෙන්න අල්ලස් ඉල්ලූ පොහොට්ටුවේ සහ එජාපයේ මහනුවර නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා මහ නගර සභාවෙන් අවශ්‍යය අනුමැතිය කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට ගිය මහනුවර මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මහනුවර පුද්ගලික රෝහලක් තුළදී මෙම අල්ලස් ලබා ගැනීම සිදුකර තිබෙන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි තවත් නාගරික මන්ත්‍රීවරයෙකු පළාගොස් ඇති බව දැන ගන්නට තිබේ.


මෙසේ යත් අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීර්ති රත්නායක සහ එක්සත් ජාතික පක්ෂයේ එස්.විග්නේෂ්වරන් යන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනායි.

කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවසර ලබා දීමට ඔවුන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත.

මෙම අල්ලස ලබා දිය යුතු බවට එම මන්ත්‍රීවරුන් කිහිප විටක් එම ව්‍යාපාරිකයන්ට තර්ජනය කර ඇති බවට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ව්‍යාපාරිකයා අසනීප තත්ත්වයෙන් සිටියදී පවා ඔවුන් මේ අයුරින් එම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර ඔවුන් එම අල්ලස ලබා ගැනීමට පැමිණ ඇත්තේද මහනුවර පෞද්ගලික රෝහලකට එම ව්‍යාපාරිකයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවකදී බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version