අනුන්ගෙ කාර්ඩ් එකකින් තෙල් ගහන්න ගිය වැලිකඩ ජේලර් කොටු වේ

DIGITAL CAMERA

අත්වැරදීමකින් බොරැල්ල ලංකා බැංකු  ශාඛාවේ ටෙලර් යන්ත්‍රයේ සිය ඒ.ටී.එම්. කාර්ඩ්පත දමා ගිය පුද්ගලයෙකුගේ කාඩ් පතින් රුපියල් 10 000ට අධික මුලක් වංචනික ලෙස ලබා ගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමක වරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනුම් හිමි කරුට කාර්ඩ්පත ටෙලර් යන්ත්‍රයේ අමතකව ගොස් ඇත්තේ පසුගිය 26 වෙනිදා බවත්, ගිනුම් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණයකට අනුව කළ පරීක්ෂණයක දී නිවැරදිව සැකකරු හඳුනාගත් බවත් බොරැල්ල පොලිසිය කියයි.  සැකකරු කොටු වී ඇත්තේ බොරැල්ල ඉන්ධන පිරවුම්හලකින් එම කාර්ඩ් පත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට යෑමේ දී වාර්තා වුණු සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා මරදාන පදිංචිකරුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්න බවත් බොරැල්ල පොලිසිය කියයි.


Exit mobile version