අනිල් ජාසිංහගේ සහතිකය සමග දේශපාලකයෝ ඉවක් බවක් නැතිව වැඩ අරඹති

මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කර හැකි බවට සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්  අනිල් ජාසිංහ ලබා දී තිබෙන සහතිකය මත ප්‍රධාන පක්ෂවලට අයත් අපේක්ෂකයන් සෞඛ්‍ය උපදෙස් පසෙක ලා සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර තිබේ.

මහමැතිවරණ ක්‍රියාවලි ආරම්භ කිරීමට හැකි වාතාවරණයක් මේ වනවිට රට තුළ ගොඩනැගී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබිණි.

මේ දැනුම් දීමත් සමග මෙතෙක් සෞඛ්‍යය පිළිවෙත් ආරක්ෂා  කරමින් සිටි විද්‍යුත් මාධ්‍ය හා දුකථකන භාවිතයෙන් කරගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය  පාක්ෂිකයන් හා පක්ෂ පක්ෂ ක්‍රියාකාරිකයන් අතර දියත් කළ ද දැන් ප්‍රසිද්ධියේ එළියට බැස සෞඛ්‍ය පිළිවෙත් පසෙක ලා ආරම්භ කර තිබේ.


මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමගි ජනබලවේගය, දෙමළ ජාතික සංධානය, අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණඩායම්  නියෝජනය කරමින් අපේක්ෂකයන් 7452ක් මැතිවරණ පොරයට එළඹ සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අපේක්ෂකයන් සියලු දෙනාගේ උත්සාහය හා බලාපොරොත්තුව පාර්ලිමේන්තුවේ ආසන 225ක් සඳහා තරග කිරීමය. මේ තියුණු තරගයේ දී මේ පිරිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්නායක හා උපදෙස් ලබා නොදී මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය මතය ප්‍රකාශ කිරීමත් සමග දේශපාලන පක්ෂ ඉවක් බවක් නැතිව මැතිවරණ කටයුතු කරමින් සිටී.

Exit mobile version