සිපෙටිකෝ සභාපතිගේ තෙල් පොරොන්දුව!

අනිද්දා සිට නම් මාසයක් පුරා කිසිම ප්‍රශ්නයක් නැතිව තෙල් දෙනවා...

අප්‍රේල් මාසය සඳහානම් කිසිම ආකාරයක ඉන්ධන ගැටලුවක් මතුනොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.

ඔහු අද මාධ්‍යහමුවකට එක්වෙමින් පවසන්නේ ඉන්දියානු විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ අප්‍රේල් මාසය තුළ පෙට්‍රල් ඩීසල් සහ ගුවන්යානා තෙල් අපහසුවකින් තොරව සැලැස්මකට ලැබෙන බවය.

පසුගිය වසරට වඩා, ඊට කලින් වසරවලට වඩා සියයට තිහක තිස් පහක ඉන්ධන පරිභෝජනය ඉහළ යෑම නිසා මේ තත්වය උද්ගත වූ බව සභාපතිවරයා කීවේය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි හිතනවා අප්‍රේල් මාසය තුළ කිසිම ප්‍රශ්නයක් නැතිව ඔබට ඉන්ධන ලබා දෙන්න හැකි වේවි කියලා. “ ඔහු කීවේ එසේය.

Exit mobile version