අන්තිමේ දී ආණ්ඩුවට පක්ෂව අයවැයේ ඡන්දය දෙන්න ශ්‍රීලනිප ය තීරණය කරයි!

මෙවර අයවැයට පක්ෂව ඡන්ය පාවිච්චි කර ආණ්ඩුව ආරක්ෂා කරගැනීමටට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසා  මෙවර අයවැයට විපක්ෂව ඡන්දය පාවිච්චි කර ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට පසුපෙළ ක්‍රියාකාරිකයන්ගෙන් එන  ඉල්ලීම් සය යෝජනා  පිළිබඳ පුළුල්ව  සාකච්ඡා කර මෙම තීරණයට එළඹ තිබේ.

අද සවස මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී පලාත් සභා හා පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්වීමට ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට ද තීරණය වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අරත පළාත් සභා හා පළාත් පාලන සභා මැතිවරණය වහාම පැවැත්වීම දැනට ඇති පළාත් පාලන කොට්ඨාස 8000 ප්‍රමාණය  5000 දක්වා අඩු කිරීම, පළාත් පලාන ආයතනවල සියයට 25ක කාන්තා නියෝජනය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම, ප්‍රචාරණය සඳහා මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ අධීක්ෂණයට භාර දීම, මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය පාලනයේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරීම ඇතුළු යෝජනා ගණනාවක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැතිවරණ සංශෝධන කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. එම යෝජනා සියල්ලම මධ්‍යම කාරක සභාව විසින් අනුමත කර ඇත.

Exit mobile version