අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සිවු දෙනා  යළි රිමාන්ඩ්…

wasantha-mudalige

කීර්ති ප්‍රනාන්දු – 

රක්ෂිත බන්ධනාගාරග කර සිටින  අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැඳවුම්රු ඇතුළු සිවුදෙනා සැප්තැම්බර් මස 07 දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් චමීර කොස්වත්ත  යන අයවලුන්ට  නැවතත් මෙම රිමාන්ඩ් නියෝගය දීර්ඝ කර තිබිණි.

මෙම සැකකරුවන්  පසුගිය 03 දා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ දී  පැවති උද්ඝෝෂණයේ දී  මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල කිරීම, පොදු දේපලවලට හානි කිරීම,  යන චෝදනා මත නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෝසලා හංසමාලි හැර අනෙක් සැකකරුවන්ට කොවිඩ් ආසාදිතව බදුල්ල ප්‍රදේශයේ  අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම නිසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

Exit mobile version