අනතුරෙන් මතුවූ මනුස්සකම… තුවාල ලැබූවන්ට ලේ දෙන්න රෑ මැදියමත් පෝලිමක්…

පාරෙ යන අයත් ඇවිත් ලේ දෙන්න පොලිම්වල

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරමේ දුම්රිය -බස් රථ ගැටුමෙන් තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය ලේ ලබාදීමට විශාල පිරිසක් මන්නාරම රෝහලට පැමිණ සිටි අතර ඔවුහු ඊයේ (17) මධ්‍යම රාත්‍රිය වන තුරුත් රෝහලට අවශ්‍ය ලේ ලබාදීමට  පෝලිම්වල රැදී සිටියහ.

මෙම අනතුරෙන්  25 දෙනෙකු තුවාල ලැබීමත් සමගම ඔවුන් අතර සිටි අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්ට ලේ අවශ්‍ය වූවත් රෝහල තුළ එවැනි විශාල ලේ ප්‍රමාණයක් නොතිබීම නිසා ලේ අවශ්‍ය බවට කළ දැණුම් දීමත් සමගම මහමග ගමන් කළ පිරිස් පවා රෝහලට පැමිණ රෝගීන් වෙනුවෙන් ලේ ලබා දීම සිදු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම රෝහලට තවත් ලේ අවශ්‍ය නිසා අද( 17 ) උදෑසන සිටද ලේ ලබා ගැනීම සඳහා රෝහලේ ලේ බැංකුවේ පිරිස කටයුතු කරමින් සිටිති.


Exit mobile version