අනතුරුදායක යතුරුපැදි තරගයක් සංවිධානය කල ෆෙස් බුක් කල්ලියට වැඩ වරදී

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆේස් බුක්හරහා හඳුනාගත් කණ්ඩායමක් විසින් අද (26) අලුයම දෙකට පමණ පිලියන්ද – කැස්බෑව  යා කෙරෙන ජාලියගොඩ මාර්ගයේ අනතුරු දායක ලෙස යතුරුපැදි තරගයක් සංවිධානය කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් විය.

මේ ධාවන තරගය සඳහා පුද්ගලයන් 39 දෙනෙක් සහභාගී වී සිටි අතර ඔවුන් සතුව යතුරු පැදි 34ක් පැවති බවත් මේ සියල්ල අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මේ අනතුරුදායක යතුරුපැදි තරගය සම්බන්ධව අලුයම 2ට පමණ 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව  ක්‍රියාත්මක වූ පොලිසිය මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි. පිිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිනි.


මීට මාස කීපයකට ඉහතදී ද මේ ආකාරයේ යතුරු පැදි තරගයක් සංවිධානය කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් විය.

 

 

Exit mobile version