අධිවේගයේ නිතර යන අයට පහසුවක් දෙන්න ඇමති ජොන්ස්ටන් උත්සාහයක

අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) වෙනුවෙන් භාවිතා කරන පෙරගෙවුම් කාඩ්පත් වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් ( Vehicle Emission Test Center ) නිකුත් කිරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට වෙත ය.

දැනට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිතා කරන බැවින් ETC පෙරගෙවුම් කාඩ් පත් දැනට නිකුත් කරනු ලබන්නේ සීදුව, ජා ඇල සහ කැලණිය තොරණ හංදියේ පිහිටි අධිවේගී මාර්ග කාර්යාලවලින් පමණි.


ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලද විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බැවින් ජනතාවට පහසුවෙන් පෙරගෙවුම් කාඩ්පත් ලබාගැනීමට වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යවරයාගේ අදහසයි.

දෛනිකව අධිවේගී මාර්ග භාවිතා කරන්නන් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ETC පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල පවතින මාර්ග තදබදය මෙමඟින් අවම කර ගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම දැනට ETC ගිණුමට මුදල් බැර කල හැක්කේ ලංකා බැංකුව, සම්පත් බැංකුව සහ කොමර්ෂල් බැංකුව පමණි. නමුත් ඉදිරියේදී සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින්ද ETC ගිණුමට මුදල් බැර කිරිමට අවශ්‍ය කටයුතු සලසා ජනතාවට කඩිනම් සේවයක් ලබා දිමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Exit mobile version