අධිබල ක්ලෙමෝ බෝම්යක්, උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග හිටපු කොටි නායකයෙක් අල්ලයි…

LTTE

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය වඩමරච්චි නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකු කිලෝ ග්‍රෑම් දෙකක් පමණ බර අධි බලැති ක්ලේමෝ බෝම්බයක් පිස්තෝලයක් හා පිස්තෝල උණ්ඩ 9 ක් සමග අද (28 ) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම එල්.ටී.ටී.ඊ.සාමාජිකයා රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස්ව ජීවත්ව සිටියදී 2020 වසරේ ජනවාරී මාසයේදී යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ දී යුදහමුදා භට පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් අයෙකි.

ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් පසුව ඔහු අධිකරණයෙන් නිදහස ලබා ඇති අතර ඔහු සතුව යුද උපකරණ රැසක් ඇති බවට යුද හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඔහුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම යුද උපකරණ තොගය හමු වී තිබේ.

අත් අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් යාපනයේ ආරක්ෂක අංශ ප්‍රශ්න කරගෙන යයි.

Exit mobile version