අධික උණුසුම ගැබිණියන්ටත් ළදරුවන්ටත් හානිකරයි!

හැකි තරම් වතුර බොන්නැයි උපදෙස්

අධික උෂ්ණත්වය ගැබිණියන්ට විවිධ සංකූලතා ඇති කිරීමට හේතු වන නිසා වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින්ගේ සංගමය අවධාරණය කරයි.

පවතින අධික උෂ්ණත්වය ගර්භණී කාන්තාවන්, කිරි දෙන මව්වරුන්, ළදරුවන් සහ ළමුන් අතර විවිධ සංකූලතා, එනම් අධික හිසරදය, ක්ලාන්තය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් පවතිනද කියා සිටියේය.

පෙරවරුවේ පවතින අධික උෂ්ණත්වයත සවස් කාලයේදී පවතින අධික වර්ෂාවත් හේතුවෙන් ගැබිනියන්ට හා ළදරුවන්ට සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවද පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළිමහනේ ගැවසීම අඩු කිරීම හා ජලය වැඩි වශයෙන් පානය කිරීමට පියවර ගත යුතු යැයිද ජනතාවගෙන් ඉල්ලා තිබේ.


Exit mobile version