අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

ජනවාරි 13 සිට අද (17) දක්වා ප්‍රමාද වූ මරණ ද සහිතව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ (08)ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.  ජනවාරි මස 13 දා කොලොන්නාව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයක්, 14 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණයක්, ජනවාරි 15 දා 27 හැවිරිදි උඩු පුස්සැල්ලාව තරුණයෙකුගේ මරණයක් වාර්තා කර තිබිණි.

ජනවාරි 16 වනදා මරණ 02ක් වාර්තා කර තිබිණි. ඒ කෑගල්ල ප්‍රදේශයේ 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා දෙහිවල ප්‍රදේශයේ 72 හැවිරිදි පිිරිමි පුද්ගලයෙකි.

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබිණි.  පොලොන්නරුව ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  කොළඹ 08 ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩු දුම්බර ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබිණි.


මේ සමග ලංකාව තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම අද දිනය තුළ කෙවිඩ් ආසාදිත පුද්ගලයන් 749ක් වාර්තා විය. ඉන් දෙදෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version