අද වාර්තා කළ කොවිඩ් මරණ ගණන 42යි… කොවිඩ් ආසාදිතයන් 3264යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් සමග මැයි 11 සිට ජූනි 02 දක්වා සිදුවූ මගහැරුණු මරණ 39ක් වාර්තා කළේය. ඒ අනුව අද වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 42කි. මරණ වාර්තා නොවුණු බව කී ඊයේ (02) මරණ 03ක් වාර්තා වී ඇතැයි අද නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ වනවිට ලංකාව තුළ නිල වශයන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1600 ඉක්මවීය. එම සංඛ්‍යාව 1608කි.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3264ක් රජය විසින් වාර්තා කළේය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු ලංකාව තුළ වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ නව දහස් එකසිය අසූ හයකි.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version