අද මරණ පහෙන් තුනක් කොළඹින් පිට

අද දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 5න් 3ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක් සහ වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස කොළඹින් පිට මියගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත.

Exit mobile version