අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩුවෙයි… අවම ගාස්තුව 34යි… 

සාමාන්‍ය බස් ගාස්තුව අද (04) මධ්‍ය රාත්‍රියේ සිට  11.14% කින් අඩු වීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා අඩු වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි.

මෙම ගාස්තු අඩුවීම නිවේදනය කරන්නේ නව ඛේත ක්‍රමයට ඉන්ධන ලබා දීමේදී සතියකට ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක්  නොලැබෙන බව පවසමින්  බස් සංගම්  කීපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ප්‍රකාශ කර තිබියදී ය.

ඉන්ධන කෝටාව වැඩි කරන මෙන් ඉල්ලමින් මේ වනවට ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පුද්ගලික බස් රථ වර්ජනයක් ඇරඹී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස් ගාස්තු වැඩි වෙන හැටි…

Exit mobile version