අද පැමිණි ඇස්ට්‍රාසෙනිකා එන්නත්කරණය හෙට සිට..

Oxford/AstraZeneca

Oxford/AstraZeneca

අද දින මෙරටට පැමිණි ඇස්ට්‍රාසෙනිකා එන්නත් කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් දෙවන මාත්‍රාව නොලැබුණු පුද්ගලයන්ට ලබා දීම ආරම්භ වන බව යුධ හමුදාපති සහ කොව්ඩ් 19 පාලන කාර්ය සාධක බලකා ප්‍රධානී ජනරාල් ෂවේන්ද්‍ර ද සිල්වා  පවසයි.

ගෝලීය එන්නත්කරණය සඳහා වන කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය මඟින් ලබා දෙන ලද එන්නත් 72846ක තොගයක් අද මෙරටට පැමිණි අතර යුනිසෙෆ් ආයතනය ඊට අදාළ පහසුකම් සැපයීම සිදු කළේය.

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නොලැබුණු සෑම පුද්ගලයකුටම ලබා දීමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා පවතින බැවින් ඔවුන් සියලු දෙනාටම යම් පිළිවෙළකට අනුගතව කඩිනමින් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති අතර එතෙක් අනවශ්‍ය ලෙස පොදි කමින් එන්නත ලබා ගැනීමට කරදර නොවන ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට කොළඹ දිස්ත්‍රික්කයේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නොලැබුණු පුද්ගලයන් 537,000ක් පමණ  සිටින බව සඳහන් වෙයි.

 

 

Exit mobile version