අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 6යි.. ආසාදිතයන් 298යි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් වාර්තා කළේය. පොල්ගහවෙල ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, සුදුම්පොල ප්‍රදේශයේ 79 හැවිරිදි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ගලයෙක්, පිටකෝට්ටේ ප්‍රදේශයේ 96 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙක්, ශිලාවතුර ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබුණහ. මේ වනවිට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 544කි.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 298ක් රට පුරා වාර්තා විය. ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 08ක් වූහ. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාව වූ සමස්ථ කොඩිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 84942කි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය විසින් නිකුත් කළ සියලුම ලේඛන පහත දැක්වේ.


Exit mobile version