අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… ආසාදිතයන් 300යි

රජය අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. කොළඹ 14 ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 57 හැවිරිදි පුද්ගලයෙක්, අලවතුගොඩ  ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 515කි. එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 300ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. කොවිඩ් දෙවන රැල්ලෙන් අද වනවිට වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 82352කි.

 

Exit mobile version