අද දවස තුළ ආසාදිතයන් 68ක් හමුවේ… සම්පූර්ණ ගණන 1789යි…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද තවත් 68 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කළේය.

ඒ  අද දහවල් වනවිට කොවිඩ් ආසාදිතයන්  49ක් හා රාත්‍රී 9.30 වනවිට ආසාදිතයන් 19ක් වශයෙනි.

ස්වල්ප වේලාවකට පෙර වාර්තා වුන ආසාදිතයන් 19 දෙනා අතරින් නිරෝධායන කඳවුරුවල සිටි පුද්ගලයන් 09ක් හා සමාජයේ සිටි ආශ්‍රතයන් 10ක් ලෙස ආසාදිතව සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් බව රජය නිවේදනය කළේය.

Exit mobile version