අද දවසේ පැයක් විදුලිය කැපෙන හැටි…

power-cut

අද සවස 5.30 සිට 9.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුව සිදුකරන ආකාරය විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

ඛාණ්ඩ 4ක් ඔස්සේ විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික උපයෝගීතා කොමිසමෙන් අවසර ලබාගෙන තිබේ.

මෙහි දී අද දින ඛාණ්ඩ 04කට බෙදා විදුලි කප්පාදුව සිදු කරනු ඇත.


පවතින විදුලි අර්බුදයේ ස්වරූපය ලංකා විදුලි ඉංජිනේරු  සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මාධ්‍යයට පැහැදිලි කළේ මේසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක්  බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා.”

Exit mobile version