අද දවසට කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි… මුලු මරණ ගණන 29යි…

කොවිඩ් ආසාදිත මරණ පහක් සිදුවූ බව මීට සුලු වෙලාවකට පෙර රජය වාර්තා කරයි.

මින් මරණ තුනක් සිදුවී තිබුණේ නිවාස තුළය.  කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 පදිංචි 73න් හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබේ.

කොළඹ 12 පදිංචි කාන්තාවත්, කොළඹ 14 පදිංචි පිරිමි පුද්ගලයාත් කොළඹ 15 පදිංචි පිරිමි පුද්ගලයාත් නිවෙස් වලදීම මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණවල දී කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ බව සොයාගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29ක් බව රජය තහවුරු කරයි…

 

 

Exit mobile version