අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 40000 ඉක්මවයි…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 04ක් වාර්තා කළේය. අඩියාලවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්,  කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 94 හැවිරිදි පුද්ගලයෙක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති. මේ වනවිට ලංකාව තුළ මිය ගිය කොවිඩ් ආසාදිතයන් ගණන 208කි.

එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලන් 555ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40 000 ඉක්මවා ගියේය. මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40126කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


 

 

Exit mobile version