අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් වාර්තා කළේය. ඒ මරණ 07 සමග රට තුළින් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 615 තෙක් ඉහළ ගියේය.

පසුගිය වකවානුව තුළ මරණ වැඩි වශයෙන් වාර්තා වූයේ කොළඹ නාගරික බල ප්‍රදේශයෙනි. එකදු මරණයක්වත් කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් වාර්තා වී නැති අතර රෝගී මරණ වර්තා වන්නේ රටම ආවරණය වන පරිද්දෙනි.

පස්යාල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිිදි පිරිමි පුද්ගලයෙක්, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරමි පුගලයෙක්, කලවාන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තොන්ඩයිමනාරු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුදගලයෙක්, තලංගම ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ. එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතය 159ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුතු කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version