අද කොවිඩ් මරණ 194යි… මරණ 7500 ඉක්මවයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (22) දින තහවුරු කර ඇත.

ඒ අතර කාන්තාවන් 103 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 91දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 145 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Exit mobile version