අද කොවිඩ් මරණ 05යි. මරණ 05ම කොළඹ බල ප්‍රදේශයෙන්

මීට ස්වල්ප වෙලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 05ක් තහවුරු කළේය. මෙම මරණ පහම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය.

කොළඹ 13 ජින්තුපිටියේ 54 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ 88 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 08 බොරැල්ලේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 13 පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇති.

මින් තිදෙනෙක් මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ දී ය. එක් අයෙක් නිවසේ දීත් තවත් අයෙක් හෝමාගම රෝහලේදීත් මිය ගොස් ඇත.


මේ වනවිට කොවිඩ් ආසාදනයෙන් රට තුළ කොවිඩ් මරණ 58ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය විසින් මේ පිලිබඳව නිකුත් කළ නිවේදනය මෙසේය

Exit mobile version