අද කොවිඩ් මරණ 04යි ආසාදිතයන් 939යි..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක්  අද දින තහවුරු කළේය.

කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙක්, කොටහේන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි  කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.  ඒ අනුව මේ වනවිට රට තුළින් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 379කි.

එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 939ක් වාර්තා විය.   මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන්  වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය  69094කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහතින් දැක්වේ.

Exit mobile version