අද කොවිඩ් මරණ 03යි… ආසාදිතයන් 492යි.. ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්…

Health workers carry the body of a man who died due to the coronavirus disease (COVID-19) for his cremation at a crematorium in New Delhi, India, June 4, 2020. REUTERS/Adnan Abidi

අද (23) දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. වත්තල ප්‍රදේශයේ  75 හැවිරිදි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ  76 හැවිරිදි  පුද්ගලයෙක්, වලපනේ ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ලයෙක් මිය ගොස් තිබුණහ.

මේ වනවිට වාර්තාවන  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 453කි.

එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 492ක් වාර්තා විය. ඒ අතර බන්ධනාගාර රැඳවියන් 15 දෙනෙක් වූ බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 76905කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කර ඇති නිවේදන පහත  දැකිවේ…

Exit mobile version