අද එන චීන බලවතුන් යනකොටම  ඉන්දීය  විදේශ ඇමති  එන සතියේ ශ්‍රී ලංකාවට!

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ලබන 19 වැනිදා දෙදින සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණෙන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූවාට පසු, අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු පැමිණෙන්නේ ලංකාවේ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවකට බව සඳහන් වේ.
එහිදී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහි විශේෂත්වය වන්නේ ඔහු පැමිණෙන්නේ අද(14) ශ්‍රී ලංකාවට පැමිණෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ සාමාජිකයන් නික්මෙන දාට පසුදිනම විශේෂත්වයකි. චීන ජාත්‍යන්තර නියෝජිතයින් වන චෙන් ෂූ ඇතුළු නියෝජිත පිරිසක් අද ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන් අතර ඔවුන් ලබන 18 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතය.  ඔවුන් ද ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version