අදානි සමූහ ව්‍යාපාරයේ ලොක්කා අද ජනපති හමුවෙයි!

GAUTAM-ADANI

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වෙන බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරයි. 

ඔවුන් පවසන්නේ පුද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අදානි කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ජනපතිවරයා සමග සාකච්ඡා කරන බවය.

අදානි සමාගම බටහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා ගිවිසුම්ගතවී සිටී.
ඇමරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් 30 දා අත්සන් කළේය. එහි සියයට 51ක කොටස් හිමිකාරිත්වය දරන්නේ අදානි සමාගමය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිත බව අදානි සමුහ ව්‍යාපාරය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.

Exit mobile version