අදානි පසුපස සැඟවුණු වෙනත් සමාගම් මුරුසියේ නෑ !

මුරුසියේ පිහිටි අදානි සමූහ ව්‍යාපාරයට සම්බන්ධව  සැඟවුණු සමාගම් ද ඇති බවට පවසමින් නිකුත් කර ඇති හින්ඩෙන්බර්ග් පර්යේෂණ වාර්තාව ‘අසත්‍ය හා පදනම් විරහිත’ බව මොරිෂියානු රජයේ මූල්‍ය සේවා හා යහපාලන අමාත්‍ය මහේන් කුමාර් පවසයි.

   අමාත්‍යවරයා පවසා තිබෙන්නේ මුරුසියේ, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය හා කැරිබියන් දූපත්වල පිහිටි ආදානි සමූහ ව්‍යාපාර සතුව වෙනත් සමාගම් පැවතීම සම්බන්ධයෙන් හින්ඩෙන්බර්ග් පර්යේෂණ ආයතනය පළ කරන ලද වාර්තාව පිළිබඳව මූල්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඔහුට දැනුම් දුන් බවයි.

    “ෂෙල් සමාගම් මුරුසියේ තියෙනවා කියන ආරංචිය වැරදි හා පදනම් විරහිත චෝදනාවක්.. නීතියට අනුව එවැනි සමාගම්වලට මුරුසියේ හෝ මූල්‍ය සේවා ක්‍රියා යටතේ බලපත්‍ර ලැබූ ගෝලීය ව්‍යාපාරික සමාගම් හා එක්වීමට අවසරයක් නෑ..” ඔහු පැවසූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


    මොරිෂස් නීතියට අනුව, විදේශයන්හි සමාගමක් ආදායම් බදු පනත යටතේ අවශ්‍ය පරිදි මොරිෂස්හි හෝ ඉන් පිටත සිට සිය මූලික ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සිදු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය. දෙවනුව, එය මුරුසියේ සිට කළමනාකරණය කර පාලනය කළ යුතු අතර කළමනාකරණ සමාගමක් විසින් පරිපාලනය කළ යුතුය.

Exit mobile version