දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි..
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.