අතුරුදහන් වූ ඉන්දීය ධීවරයාගේ සිරුර සොයා ගනී!

covid

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක් වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත  ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්  ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් ඊයේ (20) පෙරවරුවේ සමත් වී තිබේ.

සිරුරු ඊයේ (20) කන්සන්තුරේ වරාය වෙත රැගෙන යෑමට කටයුතු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය.

අනතුරෙන් පසු අතුරුදන්ව සිටි මෙම ධීවරයා සොයා නාවික හමුදාව විසින් අනතුර වාර්ථා වූ අවස්ථාවේ සිට අඛණ්ඩව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ‍ක්‍රියත්මක කළේය.


ඒ සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදවා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව, මෘත දේහය සම්බන්ධව හදිසි මරණ පරීක්‍ෂණය   යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගීත්වයෙන්  පවත්වා තිබේ.

 

Exit mobile version