අතුරුදන් වූවන්ගේ ඥාති පිරිසක් මරණ සහතික හා වන්දි ලබා ගැනීමට එකඟවෙති…

දිනසේන රතුගමගේ –

යුද සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මරණ සහතික හා වන්දි ලබා ගැනීමට කැමැත්ත පල කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ඉල්ලා සිටින ගැන දේ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ඊයේ (20) සිට ආරම්භ කිරීමෙන් පසු ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා සඳහන් කළේ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින්ගෙන් මේ අන්දමට ලබා ගන්නා තොරතුරු මාසයක් ඇතුළත සවිස්තරාත්මකව ගොණු කොට ජනාධිපතිවරයා හමු වී ඒවා සාකච්ඡා කරන බවයි.


යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට තොරතුරු ලබා දීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් විසින් තමන් බලාපොරොත්තු වන දේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

මෙසේ පැමිණි දෙනාගෙන් විශාල පිරිසක් අතුරුදහන් වූ පුද්ගලයින් නිසා ඔවුන්ගේ පවුල් මුහුණ පා සිටින අන්ත අසරණ තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ වෙනුවෙන් යමක් ඉටු කොට දෙන ලෙස ඉල්ලා තිබේ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් මැක්ස්වල් පරණගම කොමිසම් කාලයේදී අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතිකයක් ලබා ගෙන යම් වන්දි මුදලක් රජයෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සිටියද මෙවර එම විකල්පය ලබා ගැනීමට කැමැත්ත පලකොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද සමයේදී අතුරුදහන් වූ පුදගලයින් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට කැඳවීමක් කොට ඇති අතර එම හමුවේදී ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා මෙම තොරතුරු එක් රැස් කරනු ලබයි.

Exit mobile version