අතුරුදන් ජැක් මා යළි ඇවිත්

ලෝක ධනවතකු ලෙස ප්‍රකට, ව්‍යාපාරිකයකු වන ජැක් මා පසුගිය වසරේ අගභාගයේදී අතුරුදහන් වීමෙන් පසු පළමු වතාවට ඊයේ සජීවීව විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී වී තිබේ.

ඔහු එමගින් චීනයේ සිය ව්‍යාපාරික අධිරාජ්‍යය මැඩපැවැත්වීම ගැන කතා කර ඇතත් ඒ ගුරුවරු පිරිසකට කතා කළ වීඩියෝවකි.

වීඩියෝවේ මිනිත්තුවකටත් අඩු කාලයක් පෙනී සිටි ඔහු සිය ව්‍යාපාරික අධිරාජ්‍යය අර්බුදයකට ඇද දැමූ චීන ආන්ඩුවේ ගැටුම ගැන කිසිවක් කීවේ නැත.


ජැක් මා දැකීමට මාස ගණනක් බලා සිටි ආයෝජකයින්ට, බදාදා සජීවීව විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයකට ව්‍යවසායකයා සහභාගී වීම ඩොලර් බිලියන 58 ක සහනයක් ලබා දීමට ප්‍රමාණවත් විය.

ඔහුගේ වීඩියෝ පටය අන්තර්ජාලය හරහා සංසරණය වීමට පටන් ගැනීමෙන් පසුව අලිබබා ගෲප් හෝල්ඩින් ලිමිටඩ් හි වෙළඳපල වටිනාකම අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇත.

විශ්ලේෂකයින් පැවසුවේ බදාදා වීඩියෝව ඔහු සිරගත කිරීම, ඔහුගේ සමාගම් රජයට පවරා ගැනීම වැනි නරකම සිදුවීම් දැන් තරමක් බැහැරව ඇති බවට ලකුණක් බවයි.

ලෝක ධනවතුන් අතර සිටින චීන ප්‍රකෝටිපතියෙකු වන ජැක් මා, සිය රජය පිළිබඳ කළ විවේචනාත්මක අදහස් දැක්වීමකින් පසු මාස දෙකක් තිස්සේ ප්‍රසිද්ධියේ දක්නට නොවන බැවින් ඔහු අතුරුදන් බවට විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේය.

ඔහු ඔක්තෝම්බර් මාසයේදී ෂැංහයි හි චීන නියාමකයින් සහ රජය සතු බැංකු විවේචනය කළේය.

එරට රජය පසුව ඔහුගේ අලිබබා ව්‍යාපාර තාක්ෂණික අංශයේ මූලික කොටස් නිකුතුව අත්හිටුවා ඒකාධිකාරී විරෝධී පරීක්ෂණයක් දියත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෙවිගිය මාස කිහිපයක් තුළ එකවර නැගී ආ චීන පුවත්පත් කලාවේදියකු අතිශය ධනවත් වීම හේතුවෙන් ජැක් මා තවදුරටත් චීනයේ ධනවත්ම පුද්ගලයා නොවන බවට වාර්තා විය.

Exit mobile version