අතුරුදන් ඉන්දුනීසියානු සබ්මැරීනය කාර්‍ය මණ්ඩලය එක්කම ගිලිලා

ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් අතුරුදහන් වූ සබ්මැරීනය ගිලීයාමට ලක්ව ඇති බවට එරට ආරක්ෂක අංශ අනුමාන කරයි.

කේ.ආර්.අයි නන්ගල 402 සබ්මැරීනය මෙලෙස ගිලීගොස් ඇතැයි සැළකෙන්නේ එම සබ්මැරිනයේ බවට සැලකෙන සුන්බුන් කිහිපයක් හමුවීමත් සමඟයි.

ඉන්දුනීසියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී යූඩෝ මාගෝනෝ අද අලුයම ඔක්සිජන් හිඟවනු ඇතැයි අපේක්ෂා කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 53 දෙනා පිළිබඳ බලාපොරොත්තු සුන් වූ ආකාරයකින් අදහස් දක්වා ඇත.


මෙතෙක් ඔවුන් පිළිබඳ කිසිදු සලකුණක් සොයාගෙන නොමැති බව යූඩෝ පැවසීය.

ගිලී ගිය සබ්මැරීනයේ බවට සැකකෙරෙන සුන්බුන් 6ක් පමණ මාධ්‍ය වෙත ද ඉදිරිපත් කර ඇතැයි එරෙට වාර්තා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුන්බුන් සොයා ගෙන ඇත්තේ පාවෙමින් තිබියදී ය.

Exit mobile version