අතුරුගිරියෙන් ඇල්ලූ රාජාලියා අංගොඩ ලොක්කා එව්වේ කුඩු බෙදන්නද?

දැනට ඉන්දියාවේ සිට මෙරට මත්දුව්‍ය ජාවාරම කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ සහ පසුගිය දිනවල මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවා විසින් මෙරටට එවන ලද බව කියන රාජාලියකු සමඟ පුද්ගලයන් දෙදෙනකු අද අතුරුගිරිය ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසියට හැකි විය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පවසා ඇත්තේ මෙම රාජාලියා අංගොඩ ලොක්කා විසින් මෙම පක්ෂියා විදේශයකින් මෙරටට ගෙන් වූ බවය.

මෙම පක්ෂියා කවර කටයුත්තක් සඳහා මෙරටට ගෙන්වූයේද යන් පිළිබඳව තවම අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් මේ වනවිට අතුරුගිරිය පොලිසිය විමර්ශණ සිදු කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවනවිට වනජීවී දෙපාර්තමේනතුවෙන්ද පැමිණ අදාළ පක්ෂියා පරීක්ෂා කර බලා මෙම රාජාලියා විදේශීය සත්ත්වයකු බව තහවුරු කර ඇති බව වාර්තා වන අතර අදාල සැකකරුවන් සමඟ රාජාලියා ද හෙට (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version