අත්‍යාවශ්‍ය සේවාවට අදාල නැති සති දෙකක දුරස්ථ කාර්යාලීය මෙහෙයුම….

දැනට ක්‍රියාත්මකවන සිකුරාදා නිවාඩු දිනයට අමතර  ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති 02 ක කාලයක් රාජ්‍ය නිලධාරීන් නිවසේ සිට සේවයට යොමු කරනු ලැබුවද එය අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපැවැත්වෙන්නේ නැති බව  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යංශය පවසයි.

ලබන දෙසතිය තුළ රාජ්‍ය  සේවයට කැඳවීම සීමා කරමින්   ඊට අදාළ චක්‍රලේඛය අද පස්වරුවේ  කර තිබිනි.  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් වූයේය.

දැනට ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමතරව මෙම සීමා කිරීම සිදු කර ඇත. එම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මතුවූ ප්‍රවාහන දුෂ්කරතා මතුවීමය.

අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යය මණ්ඩලය සේවයට කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවය.


අවම සේවකයින් කැඳවීමේදී ද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු  බව ද දක්වා තිබේ.. සේවයට නොකැඳවූ දිනයකදී සෑම රජයේ නිලධාරියෙකුම මාර්ග ගත ක්‍රමය ඔස්සේ රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බව අදාළ චක්‍රලේඛයේ  දැක්වේ.

තවද  සේවයට කැඳවූ සෑම අවස්ථාවකම  ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුතු බවත්,  කාර්යාලය අවට සිටින සේවක පිරිස් සඳහා කාර්යාලීය ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවත් එහි දක්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චක්‍රලේඛය පහත දැක්වේ…

Exit mobile version