අත්තනගල්ලේ දී දෙමළ තරුණයන් අත්අඩංගුවට පත්වීම ‘‘වෙන ගේමක්‘‘ දැයි සැකයක්

අත්තනගල්ල සත්ත්ව ගොවිපළක සිටියදී මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගන්නා ලද උතුරේ පදිංචි දුවිඩ තරුණයන් උතුරේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලි සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති තරුණයන්  බව උතුරු පළාතේ පොලිස් විමර්ෂණ කණ්ඩායම් විසින් අනාවරණය කරගනු ලැබ ඇත. ඔවුන් ළඟ තිබී හමුවූ බව කියන ආයුධ පිළිබඳව සොයා බැලීමේදී ඒවායින් කුඩා කිණිසි දෙකක් හැරෙන්නට සෙසු ආයුධ සාමාන්‍යයෙන්  කැළෑ කැපීමට භාවිත කරන ඒවා බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මොවුන් අත්අඩගුවට ගැනීම වෙනත් කාගේ හෝ අවශ්‍යතාවක් මත සිදුවී ඇතිය යන්න පොලිස් විමර්ෂණ කණ්ඩායම්වල අදහස වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ල තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනුණු මෙම තරුණයන් මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර යාපනයේ පොලිස් කණ්ඩායමක් ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ෂණය කර ඇත. එහිදි ඔවුන් කිසිදු වෙනත් කණ්ඩායම් සමඟ සබඳතා පවත්වා ඇති බවත් අනාවරණය වී නොමැති අකර වසරකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් සිය ගෙවල්දොරවල්ටද ගොස් නොමැති බව අනාවරණය වී තිබේ. ඔවුන් ළඟ තිබී සොයා ගත් කිණිසි දෙකද නීති විරෝධී වුවද ඒවා ද ප්‍රසිද්ධියේ වෙළෙඳපොළේ විකිණෙන ආකාරයේ ආයුධ දෙකක් බවද පොලිසිය පවසයි. එසේම මෙම තරුණයන් ගොවිපලේම රැඳී සිටින අතර පිටතටද යන්නේ ඉතාම කලාතුරකින් බව අනාවරනණය වී ඇත මෙම තත්ත්වයන් මත පොලිසිය සැක කරන්නේ කාගේ හෝ වෙනත් අවශ්‍යතාවක් මත මෙම තොරතුරු ලබා දී අත්අඩංගුවට ගැනීමක් කළ බවට විය හැකි බවය.

Exit mobile version