අතරමං වූ දැරියක් සිවු දෙනෙක් දූෂණය කරලා… සමාජයේ තිරිසන්කම කියන ඇත්තම කතාවක්…

සුසන්ත අමරබන්දු –

වයස අවුරුදු 13 මාස නමයක් වයසැති  නමය ශ්‍රේණිය ඉගෙනුම ලබන දැරියක් එක් අයෙකු විසින් අපහරණයට ලක් කර තවත් තිදෙනකු විසින් දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධව අම්පාර මංගලගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා සැකරුවන් 04 දෙනෙක් අත්අඩංගුට  ගෙන තිබේ.

මෙම දැරිය අක්කා සමඟ අම්පාර රෝහලට පැමිණි අවස්ථාවක ත්‍රී රෝද රථ රියදුරුකු සමඟ හිවත්කමක් ඇති කරගෙන පසු දිනක අම්පාරට පැමිණ එම ත්‍රිරෝද රථයේ  රියදුරු මුණගැසී සවස් වෙන තෙක් ඔහු සමග උද්‍යානක  ගත කර තිබේ.

අම්පාර බස් නැවතුම්පොළට එන විට සවස් වී තිබුණු බැවින් නිවසට යෑමට නොහැකිව අඬමින් සිටින දැරියව  උහන මාලිගාතැන්න ප්‍රදේශයේ තරුණයෙකු දැක ඇත.


දැරිය ගෙදර රැගෙන යන්නට පොරොන්දු වූ මෙම පුද්ගලයා  එම දැරිය ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර තිබේ. ඉන්පසු ඇය සමග කොළඹ යන බව පවසා අම්පාර සිට කොලඹ යන බස් රථයක නැගි ඇයගේ අතට රුපියල්  500 දුන්  තරුණයා මංගලගමින් බස් රියෙන් බැසගොස්  තිබේ.

ගෙදරට යෑමට බියවී කොළඹට ගොස් ඇත.

කොළඹ දී යන්නට කිසි තැනක් නොමැතිව සිටින විට  නිවාඩු එමින්   සිටි හමුදාවේ   ලාන්ස් කෝප්‍රල්වරයෙක් ඇය තම නිවසට රැගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී ද දැරිය දූෂණයට ලක්ව ඇත. එම යුද හමුදා සෙබලා දැරියට රෙදිපිළි පාවහන් රැගෙන දී  පොරොන්දුවක් ද ලබා දී ඇය අම්පාර එවීමට කටයුතු යොදා ඇත.

අම්පාරට එවිමට බස් රථයක් නොමැති නිසා ඇයව මොනරාගල යන බස් රථයක නංවා එවා තිබේ. අලුයම මොණරාගල පැමිණිවිට හමූවු තරුණයකු    අම්පාරට යන බස් ඇත්තේ  උදෑසන යැයි පවසමින් එම දැරිය රවටා ගෙන   දූෂණය කර ඇත. පසුව උදෑසන ඇයව අම්පාර බස් රථයකට නංවා තීබේ.

ඇයගේ මව අම්පාරේ ඇඟළුම් කම්හලක සේවිකාවකි.   අම්පාරේ දී දැරිය සොය යන  මවට ඇය හමුව තිබේ. ඒ  වනවිට දැරිය අතුරුදන්වීම පිළිබඳව  දැරියගේ මව විසින්   මංගලගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව මංගලගම පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කරන ලදී. මුලදි හමු වූ තීරෝද රථ රියදුරා මෙම දැරිය අපහරණය  කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද   ඉදිරිපත් කිරීමෙන් පසුව  හඳුනාගෙන තිබේ.

පසුව අම්පාර නගරයේ සිටියේ දී  අවට ලැගුම්හලකට ගෙන ගොස් දුෂණය කළ උහන මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි තරුණයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර එම දැරිය ඔහුද හදුනාගන්නා  ලදී

එම දෙදෙනාම මේ වන විට අධිකරණයෙන් ඇප ලබා තිබේ.

ඉන්පසු කොළඹ ප්‍රදේශයේ දී එම දැරිය නිවෙසට රැගෙන ගොස් දූෂණයට ලක්කළ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයා සහ මෙම දැරිය මොනරාගල බස් නැවතුම්පොළේ දී සිටියදී රැගෙන ගොස් දූෂණය කළ වැල්ලවාය පෙදෙසේ තරුණයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයා සහ වැල්ලවාය ප්‍රදේශයේ තරුණයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට දැරිය පරිවාස නිලධාරීන්ගේ භාරයට පත්කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු   නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ මගේ පෙන්වීමෙන් අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරී ටී එම් ජයරත්නගේ අධීක්ෂණයෙන් මංගලගම  පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. සතරසිංහගේ මෙහය වීමෙන් උ.පො.ප. වන්නිනායක මහතා ඇතුළු පො.සැ.(3882) චන්දන, පො.සැ.(10557) කුමාරතුංග , කා.පො.සැ(3568) කුමුදිනී, කා.පො.(8888) අනුරාධ යන නිලධාරී මේ පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටිති,

Exit mobile version