සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මළමිනී ඇඟේ බැඳන් අඩි 1000ක ප්‍රපාතයක සිට උඩට ගෙනා හැටි… මුදවා ගැනිම්වලට එක් වූ තරුණයෙකුගේ අත්දැකීම..

by editor
සැප්තැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යළිත් ඇසෙන්නේ රටම කම්පනය කර ඛේදවාචකයක තොරතුරුය. ඇල්ලේ ඊයේ රාත්‍රියේ අඩි 1000ක් පමණ ප්‍රපාතයකට බස් රථයක් පෙරළුනේය. තංගල්ල නගරසභාවේ සේවකයින් සංවිධානය කර තිබූ චාරිකාවක් අනතුරුව සිදුවන මෙම බිහිසුණු අනතුරින් දැන් තංගල්ල නගරසභාව මළ ගෙයක් වී ඇත. නගරසභා ලේකම්වරයා ඇතුළු තංගල්ල නගරසභාවේ 12ක් මිය ගිය 15 දෙනා අතරය.

සිද්ධිය වූ අවස්ථාවේ දීම එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙක් සිය අත් දැකීම බීබීසී සිංහල සේවයට කියා තිබිණි. විරාජ් ප්‍රනාන්දු සහ ඉන්දික රොෂාන් ගරුසිංහ කියන ඒ කතාව බීබීසි සිංහල සේවයෙන් උපුටාගෙන මෙසේ පල කරන්නේ තවමත් වියලී නැති අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන ගැඹුරු කතාවක් කියන්නටය.

බීබීසි ය වෙත සිය අත්දැකීම් කියන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදී විරාජ් ප්‍රනාන්දුය.

“ඊයේ රෑ හවස යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. බස් එකක් ප්‍රපාතෙට ගියා කියලා ආවේ. මම ඉන්න තැන ඉඳලා අනතුර සිදු වෙලා තිබුණ ස්ථානයට කිලෝමීටර් 20ක් දුරයි. මම මගේ බයිසිකලයෙන් ඉක්මනට එතනට ගියා,” .

“මම යද්දී ඇම්බියුලන්ස් එකක් වගේ තිබ්බා. මිනිස්සු ඇවිල්ලා හිටියා. පොලීසිය ත් ඇවිල්ලා හිටියා. මම යද්දී මිනිස්සු කෑ ගගහා ප්‍රපාතෙට බහිනවා,”

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඒ අතර තවත් ප්‍රාදේශීය සහෘදයෙක් වූ ඉන්දික රොෂාන් ගරුසිංහ ද එම ස්ථානයට එන්නේය. මේ කතාවේ සංවේදීම කතාව සිය ඇසින් දකිමින් අපට කියන්නේ ඔහුය.

“ඇල්ල ඇක්සිඩන්ට් එක ගැන ආරංචි වුනගමන්ම ඉක්මනට පොලීසියට කතා කළා. මම වැල්ලවාය පොලීසියට කතා කළේ; එතකොට කිව්වා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. පොලීසියෙන් කිව්වා දැන් කණ්ඩායමක් යන්න හදන්නේ කියලා,”

“මම එතෙන්ට ගියා. යනකොට මිනිස්සු පිරිලා. ඒ ඇවිත් හිටියේ ගමේ මිනිස්සුම ද කියලා දැනගන්න බෑ. මෙතන ගමක් නෑ. මෙතන රක්ෂිතයක් තියෙන්නේ. පාරේ යන වාහනවලින් එහෙම තමයි සහයෝගය හම්බුණේ. ටිකක් වෙලා යද්දී මිනිස්සු කඹ අරන් එනවා දැක්කා,”

“ආමි එකේ අයත් ආවා. ප්‍රාදේශීය ලේකම්ලා, පොලීසිය, දොස්තරලා ඔක්කොම එතෙන්ට ආවා. පස්සේ කඹ දාලා එක එක්කෙනා උඩට ගත්තා. එක්කෙනෙක් ගේන්න පැයක් එකහමාරක් වගේ වෙලාව ගියා.”

විරාජ් ද ඒ මොහොතේ ප්‍රපාතයට බැස තිබිණි.

“ඒ වෙලාවේ මම ප්‍රපාතෙට බැස්සා. ප්‍රපාතයේ මැදක තමා ඔක්කොම හිටියේ. මැදක තමයි හිරවෙලා හිටියේ. එතනින් උඩට ගන්න කොහොමත් බෑ. සැහෙන්න අමාරුවෙන් තමයි කට්ටිය උඩට ගත්තේ,”
සමහරු මිනී කරේ බැඳන් උඩට ගෙනාවේ…

“ඔක්කොම මළමිනී 15ක් විතර තිබුණා. ඒ ඔක්කොම බේරගන්න ආව අය ඇඟේ බැඳගෙන තමයි ගත්තේ. සමහර අය බොඩීස් ඇඟේ බැඳගෙන, තව සමහරු පණ තියෙන අය ඇඟේ බැඳගෙන,”

වෛද්‍යවරයෙක් ප්‍රපාතයට බැස්සා…

“වැල්ලවාය රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රපාතයට ම බැහැලා හිටියා. අඩි 700ක් 800ක් යට ඉඳන් එයා සේලයින් දීලා මූලික ප්‍රතිකාර දෙමින් හිටියා. එතකොට උඩ වෙන ම වෛද්‍ය කණ්ඩායමක් සූදානම් වෙලා හිටියා, හෙදියන් එහෙම හිටියා. එයාලත් ඉක්මනට ප්‍රතිකාර දුන්නා,”

“ඇම්බියුලන්ස්වලට යන්න බාධා වෙන නිසා පොලීසිය පාර වහලා ඉඩ හදලා දුන්නා. මම හිතන්නේ මුළු පළාතේ ම ඇම්බියුලන්ස් එන්න ඇති,”

“බදුල්ල ඉස්පිරිතාලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ එහෙම ඇවිල්ලා එතැනදී ම සේලයින් එහෙම දීලා මූලික ප්‍රතිකාර කරලා තමයි යැව්වේ බේරගත්ත අයව. පාන්දර තුන විතර වෙනකන් ඔක්කොම ටික උඩට ගන්න ලොකු පරිශ්‍රමයක් දැරුවා. ඊට පස්සේ ඔක්කොම අයව ඒ පැත්තේ රෝහල්වලට ඉක්මනට ම යැවුවා.”

“අනතුර වුණා කියලා සමාජ මාධ්‍යයේ ලොකු ප්‍රචාරයක් ගියා. ඒක දැනගත්ත ගමන් ම විවිධ ප්‍රදේශවලින් මිනිස්සු ඇවිල්ලා හිටියා උදව් කරන්න.”

“මටත් යාළුවො කතා කර කර ඇහුවා කඹ ගේන්න ඕනේ ද වතුර ගෙන්න ඕනේ ද කියලා. එයාලටත් අරන් එන්න කිව්වා, ගොඩක් මිනිස්සු උදවු කළා. කඹ අරන් ආවා, වතුර අරන් ආවා. මිනිස්සු කඹවල ගැටගහගෙන මල් වට්ටි වගේ උඩට යැව්වේ,”

කවදාවත් එකිනෙකා නොදන්න මිනිස්සුන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම

“කිසිම බේදයක් නෑ, ඇඟ පත තියෙනවා නම්, හිතේ ෆිට් එකක් තියෙනවා නම් බහින්න පුළුවන් හැමෝම ප්‍රපාතෙට බැස්සා, අඩි 700කට වැඩි ප්‍රපාතයක්. පුළුවන් හැමෝම බැස්සා. හරියට ආලෝකයක්වත් නැතුව තමයි බැස්සේ. මේ හැමෝම ලොකු අවදානමක් අරගෙන ඒ වැඩේ කළේ. පැය බාගෙකට එක්කෙනෙක් වගේ තමයි උඩට ගත්තේ,”

“එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. ඒ කඹ දිගේ තමයි පහළට ගිය අය ගිහිල්ලා බේරගත්ත අය උඩට ගෙනාවේ. ලොකු බරක් තිබුණා.ගොඩක් අය ඒ කඹේ එල්ලිලා හිටියේ. එතකොට ඒ එක කඹයක් මිනිස්සු 200ක් 300ක් විතර අල්ලාගෙන හිටියා.”

මේ හැමෝම එකිනෙකාට අඳුරන්නේ නැති අය. ගමේ කොල්ලෝ, රස්සාවලට ගිහින් එන මිනිස්සු, ඒ පාර භාවිතා කරලා වාහනවලින් වෙන ගමන් යමින් හිටපු අය හැමෝම මේ වැඩේට සහයෝගය දුන්නා.”

“පුළුපුළුවන් හැමෝම තමන්ට පුළුවන් විදිහට උදව් කළා. වතුර බෝතලේ ඉඳන් කඹේ එල්ලිලා ඉන්න එක වෙනකන් උදව් කළා,”

විරාජ් කීවේය. මනුස්සකම් පිරුණු මිනිස්සු ඉන්න රටක උණුහුම යළිත් දකිමින් ඇත. මහා ඛේදවචාක  අතරින් අප හැමදාම  දකින සිහින් ආලෝක රේඛාව ඒ මනුස්සකමය.

මුලින්ම ප්‍රපාතයට බැස්ස අයෙක් කියන කතාවක් 

අසරණ වින්දිතයින් ගොඩ ගත යුත්තේ බිහිසුණු ප්‍රපාතකයකිනි. ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක කඳු නැගීමේ කණ්ඩායම්වල සේවකයින් සිය අත් දැකීම් සමග එම මෙහෙයුමට සම්බන්ධ වී ඇති ආකාරය වාර්තා විය. මේ අතර සිටි Flying Ravana සංවිධානයේ සාමාජිකයෙක් සිය අත්දැකීම බීබීසී සමග බෙදාගෙන තිබිණි.

“අපි ෆස්ට් රෙස්පොන්ඩර්ස්ලා විදිහට ට්‍රේන් වෙලා ඉන්නේ. අපි Flying Ravana කියන කණ්ඩායම නියෝජනය කරන අය. අපි එතෙන්ට යනකොට සමාජ මාධ්‍ය හරහා කළ දැනුම් දීම අනුව ගොඩක් අය ඇවිල්ලා හිටියා. අපි පල්ලෙහාට ගිහින් බලද්දී ගොඩක් ම තුවාල වුණු කට්ටිය වගේ ම මැරුණු අය හිටියා.”

“බෑවුමේ කාන්තාවන් හතර දෙනෙක් හිටියා. එක්කෙනෙක් මිය ගිහින්. අනිත් 3 දෙනාට තුවාල වෙලා හිටියේ. ඒ තුන් දෙනාව ගමේ අය වගේ ම හමුදාවේ සහය එක්ක ගලෙන් පල්ලෙහාට ගත්තා.

“මේ බෑවුමේ අඩි 80 – 100ක් විතර ගලක් එක්ක තවත් ප්‍රපාතයක් තියෙනවා. බස් එක එතැනින් පල්ලෙහාට ගිහින් තිබ්බේ.

“මුලින් ම මුදා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නකොට කිසි ම උපකරණයක් තිබ්බේ නැහැ. පස්සේ තමයි කඹ වගේ ම අනිත් බඩු ටික අරන් ටීම් එක ආවේ.

“ඉක්මනට බඩු ටික ඇරේන්ජ් කරන් බැස්සා. හරි ම දුකයි.. ඇත්තට ම මාරම අවුල් අපිටත් මේ සිද්ධිය ගැන. අපෙන් කෙරන්න තිබ්බ දේ උපරිමයෙන් කළා. අපේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව අපි මේ අනතුරට පත්වුණ අයව මුදා ගන්න උත්සහ කළා. අපි හිතනවා අපි සාර්ථක වුණා කියලා,” ඔහු කීවේය. රටක් ආඩම්බර විය යුත්තේ මේ මිනිසුන් ගැනය.

මේ අතර, මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 100 දෙනෙකු ගෙන් යුත් හමුදා භට කණ්ඩායමක් ද යොදවා තිබිණි. ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා දෙකක් මුදවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සූදානම් කළේය. පොලිසිය විශේෂ කාර්ය බලකාය එක් වී සිටියහ.

අනතුර සිදුවූ හැටි වින්දිතයෙක් කියයි…

ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා දිවි ගලවාගත් අයෙක් බීබීසී සිංහල වෙත තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල වෙත විස්තර කළේ ය.

“ඇල්ල හරියේ වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා. මම බොනට් එක උඩ ඒ කට්ටිය එක්ක කතා කර කර හිටියා. ඩ්‍රයිවර් කිව්වේ. ඊට පස්සේ කොන්දොස්තරත් හිනා වුණා. ඊට පස්සේ අර අනිත් අහල පහළ කට්ටියත් හිටියා.

එතන එහා පැත්තේ සීට් එකේ එක්කෙනෙකුත් හිටියා එයත් හිනා වුණා බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි වංගුවෙදිත් කිව්වා නෑ, ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා එක පාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා,” ඔහු පැවසීය.

ඇල්ල හරියේ වංගුවක් ගාවදි ඩ්‍රයිවර් කිව්වා බ්‍රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ ඩ්‍රයිවර් එක්ක කතා කරගෙන හිටියා. බ්‍රේක් නෑ කිව්වම කොන්දොස්තරත් හිනා වුනා.

අහල පහල කට්ටියත් හිටියා. එතනින් එහා පැත්තෙ හිටපු කෙනත් හිනා වෙලා කිව්වා බොරු කියන්න එපා කියලා.

දෙවැනි වංගුව පහුවෙනකොටම කිව්වා ඇත්තටම බ්‍රේක් නෑ කියලා. එකපාරටම කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බ්‍රේක් නෑ කියලා. එතකොටම ඉස්සරහින් වාහනයක් ආවා. ඒකෙ වැදිලා තමයි බස් එක පල්ලමට ගියේ.

ඒ වෙලාවේ හිතුවා ඉවරයි තමයි කියලා. සිහිය ඇවිත් බලනකොට තවම ඉන්නවා. වැටිලා පැයක් විතර යනකම් සිහිය තිබ්බේ නෑ. පොඩි එක්කෙනෙක් හිටියා… එයා කෑ ගහන සද්දේට තමයි නැගිට්ටෙ. පොඩි එකෙක් හිරවෙලා… මට නැගිටින්නත් බෑ.

බඩගාගෙන එතෙන්ට ගිහින් පොඩි එකා ගත්තා. අරන් උඩට කෑ ගැහුවා පොඩි ළමයෙක් ඉන්නවා ඉක්මනට එන්න කියලා. ඊට පස්සෙ තමයි එස් ටී.එෆ් එකෙන් ආවේ. ඔහු කීවේය.

අපට තේරෙන්නේ නැත. බස් පිටින් මිනිසුන් මැරී කුඩුපට්ටම් වන්නේ රිය අනතුරු අවම කරගෙන ක්‍රියාත්මකවීම සඳහා දැවැන්ත ජනතා මුදලක් වැය වෙද්දීය. මොන නීති දැම්මත් පොලිසියම පාරට බැස්සුවත් දිනපතා වන රිය අනතුරු මරණවලින් එක් මරණයක් අඩු කරගැනීමට රටට හැකි වී නැත.

පටන් ගත යුත්තේ කොතැනින්දැයි තෙරුමක් නැතිව බලාගෙන සිටිමු. ( බීබීසී – සිංහල ඇසුරෙනි )

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇල්ල අනතුරින් මිය ගිය 15 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇරඹෙයි…

Next Post

පොලිස් දිනය දා සිදුවූ සැක සහිත සිදුවීම් ගැන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.