අඩි 06ක් දිය මුහුදු ඌරෙක් යාපනයේ වෙරළකට ගොඩගසයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ වේලනෙයි සාට්ටික් මුහුදු වෙරළට මියගිය විශාල මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ඊයේ ( 28 ) ගොඩ ගසා තිබේ.

මෙම මුහුදු ඌරා දිගින් අඩි හයක් පමණ වන අතර කිලෝ ග්‍රෑම් 250 ක් පමණ බර වූ අතර පළාතේ ධීවරයින් පිරිසක් විසින් මුහුදු ඌරාගේ මළ සිරුර දැක ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දී තිබේ.

ධීවර නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණ වලදී මුහුදු ඌරා මියයාමට හේතුව පැහැදිලිව සොයා ගැනීමට නොහැකි වීම නිසා ශරීර කොටස් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

වේලනෙයි ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මුහුදු ඌරාගේ ඉතිරි වූ මළ සිරුරු කොටස් වළ දමා ඇත.

Exit mobile version