අඩියක් පස්සට තිබ්බත් සහල් මාෆියාවට එරෙහි සටන දිගටම – රොෂාන් රණසිංහ

රටේ උද්ගතවීව ඇති වත්මන් තත්වය හමුවේ රජය අඩියක් පස්සට ගෙන සහල් පාලන මිල සංශෝධනයකට කළත් සහල් මාෆියාවට එරෙහි සටන අත්නොහැර අඛණ්ඩව ගෙන යන බවත් හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මෙරට සහල් මාත් මාෆියාව කාලයක සිට මුල් බැස තිබෙන එකක් බව පෙන්වා දෙන රණසිංහ මහතා වත්මන් ජන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි කෙටි කාලයක් තුළ සහල් මාෆියාව නැති කිරීම සඳහා එතුමාට ප්‍රාතිහාර්යක් පෑ නොහැකි බව අවධාරණය කළේය.

පාරිභෝගික ජනතාවට සහල් මිල දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් තිබියදී 27 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට සහල් මිල ඉහළ දමමින් පාලන මිලක් පැනවීමට රජය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහල් මාෆියාව මැඩලීම සඳහා ඉදිරියේ දී රජය සහ ගොවි සංවිධානවල මූලිකත්වයෙන් රටේ සෑම ප්‍රදේශයකමටම වීම මෝල් ස්ථාපිත කළ යුතු බවත් ඒ පිළිබඳව වූ මූලික කතිකාවක් නුදුරේදීම ආරම්භ කරන බවත් පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙස රටේ සහල් මාෆියාව පාලනය කරමින් ගොවි ජනතාව හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් දියත් කළද 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ පාලකයින් එම වැඩපිළිවෙළ විනාශ කර දමමින් වී අලෙවි මණ්ඩලය, පාරිබෝගික අධිකාරිය අඩපණ කර සහය මාෆියාව පෝෂණය කළ බව හෙතෙම සිහිපත් කළේය.

Exit mobile version