අටමස්ථානාධිපති හිමි කෑගල්ලේ ධම්මික වෙදදුරුගෙන් බෙහෙත් අරන් නෑ

අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට කෑගල්ලේ කොරෝනා සඳහා පැණිය නිපදවූ ධම්මික බණ්ඩාර මහතා “මම කාලි.. ඔබ වහන්සේගේ අම්මා“ යැ යි ප්‍රකාශ කළේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ දශක දෙකක පමණ කාලයක් ධම්මික බණ්ඩාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් නිසා බවට පළවන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් උන්වහන්සේ එවැනි පුද්ගයකුගෙන් ප්‍රතිකාර ගෙන නොමැති බවත් අටමස්ථානාධිපති හිමියන් වෙනුවෙන් උන්වහන්සේගේ විහාරයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් ලංකාසර ට පැවසූහ.

මෙම පුද්ගලයා නිතර ජය ශ්‍රි මහ බෝධි වන්දනාවට පැමිණෙන පුද්ගලයකු බව තමන් දන්නා නමුත් කිසිදු විටෙක ඔහුගෙන් නාහිමිපාණන් බෙහෙත් ලබා නොගත් බව මෙම ස්වාමීන් වහන්සේ අප සමඟ ප්‍රකාශ කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ස්වාමීන් වහන්සේ මේ බව සඳහන් කළේ එක්තරා වෙබ් අඩවියක බුරුමයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය නලින් ද සිල්වා ගේ ෆේස්බුක් සටහනක් උපුටා දක්වමින් අටමස්ථානාධිපති හිමියන් විසින් ඖෂධ ලබා ගත් නිසා බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.


Exit mobile version