අගෝස්තුවන විට රටේ සියයට 40ක් එන්නත් කරන්නේ මෙහෙමයි…

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් ගණනාවකින් එන්නත් ලබා ගැනිමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි‍.

ඉල්ලුම් කරන ලද මෙම එන්නත්  ක්‍රමානුකූලව ලැබීමත් සමග අගෝස්තු මාසය වන විට රටේ ජනගහනයෙන් සියයට 40ක් දෙනාට එන්නත ලබා දීමට  හැකිවනු ඇතැයිද විශේෂවරයා පවසයි.

ස්පුට්නික් එන්නත කඩිනමින් ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා ෆයිසර් ආයතනය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් මාත්‍රා 35000ක් මැයි අග වන විටත් ලක්ෂයක් අගෝස්තු මාසයේත් මිලියන 4.8ක්  සැප්තැම්බර් මාසයේත් ලැබීමට නියමිත බවත් වෛද්‍ය ගුණසේකර   සදහන් කළේය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දුන් පසුව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබා දීමට කටයුතු කරන බවත්  ජොන්සන් ඇන් ජොන්සන් සමාගම සමග සාකච්ඡා ආරම්භකර ඇති බවත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත නොකරන කැනඩාව, ඩෙන්මාර්කය, හා ඕස්ට්‍රේලියාව  සමග සාකච්ඡාකර එම එන්නත් තොගය ලබා ගැනීමටත් කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 එසේම යුරෝපා සංවිධානයට ලැබෙන එන්නත්වලින් කොටසක් ලබා දෙන්නැයිද  මේ වන විටත් ඉල්ලීම්  කර ඇති අතර කොවැක්ස් පහසුකම් යට‌තේ අපට කිසියම් එන්නත් ප්‍රමාණයක් ලබා ගැනීමටද උත්සාහ කරන බව හෙතෙම පැවසීය.

Exit mobile version