අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් ගැන තොරතුරුක්… ප්‍රදේශයේ හමුදා පොලිස් ආරක්ෂාව දැඩි වෙයි!

මහනුවර අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට   ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

අකුරණ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පිපිරී යා හැකි බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ලැබුණු තොරතුක් මත මෙසේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ  මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා බලධාරීන් සෑම පූර්වාරක්ෂාවක්ම ගෙන ඇති බවය.

අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, යුද හමුදාවට ද සූදානමින් සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ පොලීසිය කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් සීරුවෙන් තබා ඇති බවය.

Exit mobile version