අකුරට වැඩ කිරීම ප්‍රකාශයට පත් කරමින් වරාය සේවකයෝ විරෝධතාවය අරඹති…

සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ මෙහෙයවීමෙන්  සිය  මුල්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලෙස  වරාය සේවකයෝ අකුරට වැඩ කිරීම අද (29) දහවල් 12 සිට ආරම්භ කළහ.

වරාය ඉදිරිපිට විමලධර්ම ඔරලෝසු කණුව අසල පවත්වන ලද උද්ඝෝෂණයකින් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත්කර තිබිණි.

උද්ඝෝෂණය අතරතුර ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස පැමිණි    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය නාලක ගොඩහේවාට සහ නාගරික සංවර්ධන,  ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමට උද්ඝෝෂකයන්ගේ හූ හඬ ඇතුළු විරෝධතා මධ්‍යයේ ආපසු හැරී යෑමට සිදු විය.


මේ උද්ඝෝෂණයට සහාය ලබා දීම සඳහා ගාලු වරායේ සේවයකයන් ද කොළඹ ගාලු පාරේ වරාය ප්‍රවේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කියා සිටියේ ආණ්ඩුව   මෙම ද්‍රෝහී ගිවිසුම ඉවත් කරගන්නා තුරු සිය අඛණ්ඩ වැඩ වර්ජනය පවත්වාගෙන යන බවය.

Exit mobile version