අක්කර 3750ක්  නීති විරෝධීව ආයෝජකයින් 07කට දීලා.. රඹකැන් ඔය ඉඩම් වංචාව විගණනයෙන් හෙළි වේ…

ලලිත් චාමින්ද –

රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව  කිසිදු පුර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය  ආයෝජකයින් 07 දෙනෙකු වෙත  භාරදිමට මහවැලි අධිකාරියේ  අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි ඇති බැව්  ජාතික විගණන කාර්යාල මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයින් වෙත භාරදිමේ දි  තරගකාරි හා විනිවිද භාවයකින්   මෙන්ම  අයදුම්පත් කැඳවිමකින් තොරව  ජාතික ආහාර නිෂ්පාදන කාර්යසාධන කමිටුව වෙත  යොමුකර  ආයෝජකයින්ගෙන් අයදුම්පත් ලබාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එමෙන්ම මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයින් වෙත භාරදිමට ප්‍රථම  කිසිදු පාරිසරික බලපැම් ඇගයිමක් සිදුකරනොතිබු බවද  විගණන වාර්තාවේ සදහන් වේ.


රජයේ ඉඩම් ආඥාපනතට අනුව  රජයේ ඉඩම් පිළිබද  සැම වරණිය බද්ධකටම  ඉඩම්  ආඥාපනතේ  පනවනු ලැබු රේගුලාසි යටතේ  අමාත්‍යවරයාගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුව තිබුනි. 

එමෙන්ම  වරණීය ප්‍රදාන පත්‍රයක් හෝ බදුකරයක්  නිකුත්කිරිමට අදහස් කරණ සැමවිටකම  ඒ පිළිබද  නිවේදනයක් රජයේ  ගැසට් පත්‍රයේ පළකළයුතු වුවත්  එසේ සිදුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවුවද ඉඩම් බැහැර කිරිමට විරුද්ධව  බාහිර පාර්ශව විසින්  අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම හේතුවෙන්  ආයොජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද නොහැකි වි තිබුණි.

Exit mobile version