අංගොඩ ලොක්කාගේ පෙම්වතිය

ඉන්දියාවේදී මියගිය බව පැවසෙන ශ්‍රි ලංකාවේ ප්‍රකට අපරාධකරුවකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සමග ජීවත් වූ ශ්‍රි ලාංකික කාන්තාව වන අමානි තන්ජි, ඇයගේ නීතීඥවරිය සහ තවත් සහයකයකු මේ වනවිට දින තුනක රැඳවුම් නියෝග මත කොයිම්බතූර් පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය විසින් ප්‍රශ්න කරමින් පවතින අතර ඇය හෙට යළි කොයිම්බතූර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කරයි.

27 හැවිරිදි මෙම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ සිට කොමයිම්බතූර් හි නිවසක් කුලියට ගෙන අංගොඩ ලොක්කා සමඟ ජීවත්ව ඇති බවට මෙරටට ලැබුණු වාර්තා සඳහන් කළේ ඇය විසින් අංගොඩ ලොක්කා භාවිත කළ ශක්ති ජනක අතිරේක වර්ගයකට විෂ වර්ගයක් මුසු කොට ඔහු හෘදයාබාධයක් වැළඳෙන මටට්මට පත් කොට ඝාතනය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන නමුත් අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං නමින් ව්‍යාජ නාමයක් යටතේ ජීවත් වීමට සහ ඔහුට ඊට අදාල ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත එරට නීතීඥවරියක සහ මෙම කටයුතු සඳහා සහය දුන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි.


අමානි. තන්ජි අත්අඩංගුවට පත් වන විට දෙමස් ගැබිණියකව සිටි අතර ඇයට මේ කාලය තුළ ගබ්සාවීමක් සිදුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමටද බන්ධනාගාර බලධාරීන්ට සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය මේ වනවිට සුවය ලබා ඇති අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලට මේ වනවිට ලක්වෙමින් ඇත.

Exit mobile version