හේමසිරි කොමිසමේ කියන කතා බොරු අවස්ථාවක් ලැබුණාම මම ඇත්තම කියන්නම්

පාස්කු කොමිසමේ කතා ගැන මෛත්‍රී ගේ ප්‍රතිචාරය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ දේ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශෂ සහගත දේවල් බවත් ඉදිරියේදී ගමන්ට අවස්ථාවක් ලැබුණෙහොත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි කිරීම ටහිටපු ජනාධිපතිවරයා සූදානම් බව ඔහු ගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය දින දෙක තුළ මෛත්‍රීපාල සිරිසේන මහත සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලබා දුන් අතර එහිදී ඔහු පවසා සිටියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මෙම සිදුවීමේ වගකීම භාර ගන්නා ලෙස සිරිසේන මහතා ඉල්ලා සිටි බවය. එසේ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් තමන් මුල් වරට පත් කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කොට විදෙස් තානාපති ධුරයක්ද ලබා දීමට ඔහු යෝජනා කළ බව ප්‍රකාශ කළේය.
එසේම මුස්ලිම් තරුණයක් රැඩිකල්කරණය වීම හ විදේශීය අන්තවාදී දේශකයන් ශ්‍රි ලංකාවට පැමිණීමේ අනතුර පිළිබඳව හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළ අවසථාවේදී “මුස්ලිම් දේශපාලකයන් තරහ වෙයි. ඕක පස්සේ හෙමිහිට බලමු“ යයි ප්‍රකාශ කළ බවටද ඔහු පවසා තිබුණි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් කරන ලද කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක්

Exit mobile version